ඔන්න ඉතින් අදත් පොඩ්ඩක් විතර සුන0ගු වෙලා නැගිට්ටා කියපන්කෝ..මට කලින් නැගිටල එපා......... වෙලා තිබ්බෙ. ඒත් දැන් අවුලක් නෑ මොකද දැන් අපි නිදහස් -- ඒ කිව්වේ රස්සාවෙන් අයින් වුණා -- හි හි ඒක එහෙම තිබුනාවෙකෝ.
උදේ නම් සෑහෙන දේවල් -- සෑහෙන කිව්වට පොඩ්ඩයි -- කරන්න කියලා හිතුණා... ඒත් ඉතින් මේක ඉස්සරහා ඉද ගත්තම මෙලෝ දෙයක් මතක නෑනෙ ... හික් හික්
ඉතින්... ඔහේ අන්තර්ජාලයේ පාවෙවී ඉන්නකොට සින්දුවකුත් දාගත්තා (නදීකගේ අග පිපි මල් එකේ තේමා ගීතය ) පුදුමාකාර හැගීම් සමුදායක් ...
ඉතින් ඒකත් රිපීට් වෙන්න දාගෙන බ්ලොග් ගැන ඉගෙන ගන්න ට්‍රයි එකක් දුන්නා.. මොකද ඉතින් අපි මෙව්වට තාම ආධුනිකයි නේ... හැබයි ඉගෙන ගෙන යනකොටනම් එළම තමා....
හුටා............ මම කියවන්න කියලා පොතක් ඉල්ල ගත්තා... දැන් දවස් 2යි... පිටු 3යි කියවල තිබුනේ
ඒක මතක් වෙච්ච පාර ඩෝ0 ගාලා ඒක කියවන්න හිතුණා...
----------------------------------------------------------
පොතේ නම : ගුරු ගීතය
කතෘ : චින්ගීස් අයිත්මාතව්
සි0හල අනුවාදනය : දැදිගම වි. රොද්‍රිගු
----------------------------------------------------------
'ඇහිපිල්ලමක් යට' ටෙලිය හදලා තියෙන්නේ ඒක ආශ්‍රිත කරගෙන කියලා කව්දෝ කියනවා අහුණා
පිටු 119... කිසිම අවුලක් නැතුව කියවන්න පුලුවන් පොතක්.... බොක්කටම වැදෙන්න ලියලා තියෙනවා... වසර 1900 මුල් භාගය ගැන ලියලා තිබුනත් ඒ සියලු දේම අදටත් වල0ගු වන්නේ... කාලය වේගයෙන් ගෙවී ගියත් සමාජය වෙනස් වී තිබෙන්නේ ස්වල්ප වශයෙන් වීම නිසාවෙන් විය හැක...
එය එසේ වුවද හැම සෘතුවකටම පසුව නව සෘතුවක් පැමිණ අපේ ජීවිත නැවත අලුතින් එයට සැරසෙන බව නම් කිව මනාය... එය ගුරු ගීතයෙන් මනාව පැහදිලි කරන්නේ ඇතම් විට නෙතට කදුලක් ද එක් කරමිනි....
මේ ගුරු ගීතයෙන් කොටසක් ඔබේ හිත් වලට....
----------------------------------------------------------
" කදු වල මෙවැනි උල්පත් පැන නගී. ඒ වටා අඩි පාරවල් ඇතිවේ. මිනිස්සු අඩි පාරවල් ඔස්සේ ගොස් උල්පත්වල ජලය ලබා ගනිති. එහෙත්, පුළුල් මාර්ග ඇතිවූ පසු අර අඩි පාරවල් අමතක කර දමති. උල්පත් වටා කෙමෙන් කටුවැල් වැවී මුළු ගැනේ. අවට සිට බලන්නෙකුට ඒ උල්පත් නොපෙනේ. රස්නෙ ඇති දවසක කෙනෙක් සිය පිපාසය නිවාගැනීම පිණිස මහ මගින් ඉවත්වී අර උල්පත සොයා එති. මුළු ගැන්වී තිබෙන උල්පත සොයා එමින් ඒ වටා ඇති වල් පැලෑටි සහ කටුවැල් උදුරා දමති. කිසි කෙනෙකු විසින් හෝ අපිරිසිදු නොකරන ලද ඒ උල්පතේ ප්‍රණීත සිසිල් ජලය නිසලව ගලා බසිමින් නිල්වන් කැටපතක් සේ විනිවිද පෙනේ. එවිට උල්පත තුලින් තමාද, හිරු සහ අහසද කදුවැටියද පෙනෙන්නාසේය. එවැනි සුන්දර තැන් ගැන අන් අයට නොදන්වා සිටීම පාපයක් ලෙස ගණන් ගන්නා අර මිනිසා සිය සගයන්ටද ඒ බව දැන්වීමට ඉටා ගන්නා නමුදු පසුව එය අමතක කර දමයි.
එදිනෙදා ජීවිතයේද මෙලෙසම සිදුවේ.
එහෙත් එය ජීවිතය ය."
----------------------------------------------------------

1 comments:
දිගටම ලියන්න සහෝදරයා! ඔබේ අදහස් අපූරුයි!
දිගටම ලියන්න සහෝදරයා! ඔබේ අදහස් අපූරුයි!
Post a Comment